Search

Blog Posts

Share Us

Counter

Blog Pages

Like Us On Facebook

Visit Island Lanka

දඹදෙණි රාජධානියේ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා රජකම් කරන සමයේ රට මැද කැරැල්ලක් ඇතිවිය. එම කැරැල්ල මැඩපැවැත්වීම සඳහා බෝසත් විජයබා කුමරු සේනාවක් සමඟ පැමිණ කැරැල්ල මැඩ පවත්වා ආපසු යන ගමනේ දී සතුරු බළකායේ අයෙක් සැඟවී සිට නාග විෂ කැවූ ඊතලයකින් කුමරුට විදින ලදී. එහිදී සිහි මුර්ජා වී සිටි කුමරු සුව ලැබීය.

ඉන්පසු එම ස්ථානය එදා රත්මල්වැටිය ලෙස හැඳින්වූ මේ ගම පණආවැටිය නමින් හැඳින්වීය. පණආවැටිය පසුව පනාවැටිය ලෙසට ප්‍රචලිත විය.

මේ සිදුවීම නිසා රජතුමා මේ ප්‍රදේශයේ ගමන් කරන හැම විටම පනාවිටියට ඒමට අමතක කළේ නැත. එසේ රජතුමා පැමිණි විට දෝලාව තැබීමටත් රජතුමාට විවේක ගැනීමටත්  මේ අම්බලම සාදා තිබේ.

මෙම අම්බලම ඉතා දුර්ලභ ගණයේ ලී කැටයම් සහිත ටැම්පිට නිර්මාණය කර ඇත. වහලය ඉතා විශේෂ ක්‍රමයකට මූට්ටු සවිකර ඇත. මුදුන් යටලීය කැටයම් සහිතව වර්ණ ගන්වා ඇත. ලී කණු ද කැටයම් සහිතව නිර්මාණය කර ඇත. මෙය ඉතා දුර්ලභ ගණයේ ඓතිහාසික අම්බලමක් වේ.

ජායාරූ - දීපා නවරත්න