අනුරාධපුර යුගයේ මූර්ති කලාව.

Search

Share Us

Counter

Blog Pages

Like Us On Facebook

Visit Island Lanka

අනුරාධපුර යුගයේ මූර්ති කලාවේ විශේෂ ලක්ෂණයක් වූයේ බුදු පිළිම හා බෝදිසත්ව පිලිම නෙළීමයි. බුදුන් වහන්සේ ජීවමාන ස්වරූපයෙන් නෙළා ඇති බුදු පිලිම මේ ඉරියව් අනුව හිටිපිළිම හිඳි පිළිම හා සැතැපෙන පිළිම යන තුන් වර්ගය ට අයත් වේ. ප්‍රතිමා අතරින් පැරැණිතම බුදුපිළිමය ලෙස සැළකෙන්නේ මහා ඉලුප්පල්ලම සොයා ගත් ක්‍රව 5 හෝ හයවන සියවස අයත්යැයි සැළකෙන හිටි පිළිමයයි,
පැරනි මහමෙව්නා උයනේ තැන්පත්කොට ඇති සමාධි පිලිමය නමින් හැඳින්වෙන හිඳි පිලිමය ද අනුරාධපුරයුගයේ මුල් කාලයට අයත් ප්‍රතිමා කලාව පිළිබඳව වැදගත් නිර්මාණයක් වේ, මෙම ප්‍රතිමාවෙන් බුදුන්වහන්සේ ධ්‍යානයට සමවැදුණු ආකාරය පෙන්නුම් කෙරේ, අනුරාදපුරයේ තොලුවිල නම් ස්ථානයෙන් ගෙන දැනට කොළඹ කෞතුකාගාරයට ඇතුළු වන දොරටුව අසල තැන්පත්කොට ඇති බුදුපිළිමය හිටි පිළිමයකට නිදසුනකි, උසස් කලාත්මක නිර්මාණයක් ලෙස සැලකෙන මෙය පස්වන සියවසට අයත් යැයි විශ්වාස කෙරේ,
නුරාධපුර යුගයේ පසු භාගයේදී විශාල හිටි පිළිම හා සැතපෙන පිළිම නෙලීම ඉතා ජනප්‍රිය වූ බව පෙනේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැවට නුදුරින් ඇති අවුකන බුදු පිලිමය මොනරාගල දිස්ත්‍රික්කයේ මාළිගාවිල හිටි පිළිමයත් අවුකන නුදුරුව පිහිටි රැස්වෙහෙර හිටි පිළිමයත් මේ යුගයට අයත් විශාල හිටි පිළිම වේ. ඇලහැර සමීපව පිහිටා ඇති අතරගල්ලෑව පිලිමයක් තන්තිරිමලේ පිලිමයක් සැතපෙන පිළිම ගණයට අයත් වේ.
වැල්ලවාය බුදුරුවගල නම් ස්ථානයේ ගල් පර්වතයක බෝධිසත්ව ප්‍රතිමා දෙකක් නෙළා ඇති බව දැකිය හැකිය. මෙයින් එක් පිළිමයක් අවලෝකිතේශ්වර බෝසතුන්ගේ පිළිමය ලෙසත් අනෙක් පිළිමය මංජු ශ්‍රී බෝසතුන් ගේ පිළිමය ලෙසත් හඳුනාගෙන ඇත.
දකුණු පළාත් වැලිගම කුෂ්ඨරාජගලින් තවත් මෙවැනිම බෝධිසත්ව ප්‍රතිමාවක් ලැබී ඇත. මේ කාලයේදී ලෝහ වලින් කළ බුදු පිළිම හා බෝධිසත්ව පිළිම කීපයක් ද වේ. වේරගල මෙබඳු ලෝහ පිළිමයක් දැකිය හැකිය.