දඹදෙණිය රාජධානිය

Search

Share Us

Counter

Blog Pages

Like Us On Facebook

Visit Island Lanka

තුන්වැනි විජයබාහු රජතුමා (1232-1236) 

කාලිංග මාඝ පොලොන්නරුවේ වාසය කරමින් ලංකාවේ උතුරු ප්‍රදේශය පාලනය කළ කාලයේ සිංහල නායකයෝ කිහිප දෙනෙක් රට මැද කඳුකරය, රුහුන වැනි ප්‍රදේශවල කුඩා ප්‍රාදේශීය රාජ්‍ය පිහිටුවා ගෙන සිටියහ. මොවුන් අතර කැපී පෙනෙන අයකු වූයේ වන්නි නායකයකු වශයෙන් කටයුතු කළ වත්හිමි විජයබාහු හෙවත් තුන් වන විජයබාහු නමින් හැඳින්වූ කුමාරයෙකි. ඔහු මේ නිසා වන විජයබාහු නමින් ද හැඳින්වී ය ඔහු තවත් වන්නි නායකයින් රාශියත් හා සංඝයා වහන්සේලාගේ ආධාර ලබාගෙන දඹදෙණිය අගනුවර වශයෙන් තෝරා ගෙන එහි රාජ්‍යයක් පිහිටුවා ගත්තේ ය. දඹදෙණිය තරමක් ආරක්ෂා සහිත ස්ථානයක් වීම නිසා එය තෝරා ගැනීමට හේතු වන්නට ඇත. සතුරන්ගෙන් බේරා ගැනීම සඳහා එවකට කොත්මලේ සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේ මෙතුමා විසින් බෙලිගල සාදවන ලද දළදා මාලිගයට වැඩම කරවන ලදි. දන්ත ධාතුන් වහන්සේගේ භාරකාරත්වය හිමි වීම විජයබාහු කුමාරයගෙ රාජ්‍ය උරුමය තහවුරු වීමට හේතුවිය. විජයබාහු රජු දඹදෙණිය විජයසුන්දරාරාමය නමින් විහාරයක් කරවා එය සංඝයා වහන්සේලාගේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් කරවීය. මේ හැර කැළණි විහාරය අත්තනගල්ල විහාරය වැනි විහාරස්ථාන කිහිපයක් ප්‍රතිසංස්කරණය කරවීමට ද ඔහු අතින් සිදු විණි.

දෙවන පරාක්‍රමබාහු රජතුමා (1236- 1270)

තුන්වන විජයබාහු රජතුමාගේ මරණයෙන් පසු ඔහුගේ වැඩිමහළු පුත්‍රයා දෙවන පරාක්‍රමබාහු නමින් රජ බවට පත්විය. මෙතුමා දඹදෙණිය යුගයේ වැදගත්ම පාලකයා වේ. ලංකාවේ නිරිතදිග හා බටහිර ප්‍රදේශ ඇතුළු වූ මායා රටේ ඉන් පසු රුහුණු ප්‍රදේශයේ බලය තහවුරු කර ගත් මේ රජතුමා රටේ දියුණුව සඳහා ක්‍රියා කළේය. සංවර්ධන කටයුතු සඳහා ජනතාවගේ සහාය ලබා ගත් රජතුමා සිය රාජධානිය ආරක්ෂාව තර කොට ඉන් පසුව 1255 දී පමණ කාලිංග මාඝ එළවා දමා පොලොන්නරුව නිදහස් කර ගත්තේය. එහෙත් බරපතළ ලෙස විනාශ වී තිබූ හෙයින් පොලොන්නරුව හෝ අනුරාධපුරය තම අගනුවර බවට පත්කර ගැනීමට එතුමා කැමැත්තක් දැක්වූ බවක් නොපෙනේ. මේ රජ තුමාගේ කාලයේ දී චන්ද්‍රභානු නමින් ජාවක රජෙක් දෙවරක් ම ලංකාව ආක්‍රමණය කළ බව සඳහන් වේ. මේ ආක්‍රමණිකයාද ද පරාජයට පත් කිරීමට රජතුමා සමත් විය. දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලය වැදගත් වන තවත් හේතුවක් නම් එකල ඇති වූ ආගමික හා සංස්කෘතික දියුණුවයි. රාජ්‍ය පාලකයකුට වඩා මේ රජතුමා සාහිත්‍යධරයකු වශයෙන් කැපී පෙනේ. මෙතුමා විසින් විශුද්ධි මාර්ගය ලියන ලද සන්‍ය (විසුද්ධිමාර්ගය ගැටලු පහදා ගැනීම සඳහා වූ ලියූවිශුද්ධිමාර්ග සන්නස නම් කෘතිය) හෙළි කරයි කවිසිළුමිණ නම් මහා කාව්‍යය ද මෙතුමා ගේ කෘතියක් ලෙස සැලකේ. කලිකාල කාව්‍ය සාහිත්‍ය සර්වඥ පණ්ඩිත නම් උපාධියෙන් පිදුම් ලද්දේ මෙතුමා යැයි විශ්වාස කරනු ලැබේ. පූජාවලිය රචනා කල මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍ර හිමි සද්ධර්මරත්නාවලිය ලියූ ධර්මසේන හිමි ආදි පඬිවරුන් විසූ වේ මේ රජතුමාගේ කාලයේ ය. සාහිත්‍යයට රජතුමාගේ අනුග්‍රහය නො අඩුව ලැබුණි. භික්ෂූන් වහන්සේලාගේ සහ විහාරස්ථානවල පාලනයට අදාළ ව විනය නීති මාලාවක් ඇතුළත් දඹදෙනි කතිකාවත සංඝයා වහන්සේලා විසින් සකස් කරන ලද්දේ මේ රජතුමාගේ ආරාධනාව හා අනුග්‍රහය ඇති වය. ඒ පිළිවෙළ සඟවා තිබූ දළදා වහන්සේ තමා විසින් ම දඹදෙනිය තන වන ලද දළදා මන්දිරයට වැඩම කරවීමත් මහවැලි ගඟේ දාස්තොට දී අවුරුදු පතා උපසම්පදා උත්සව පැවැත්වීමටත් මේ රජතුමා අතින් සිදු වූ වැදගත් ශාසනික සේවාවකි.

දෙවන පරාක්‍රමබාහු රජුගෙන් පසු ඔහුගේ පුත්‍රයා වන 4 වෙනි විජයබාහු (1270 -1262) නමින් රජවිය. ඔහුගේ රාජ්‍ය කාලය අවුරුදු දෙකකට සීමා වුව ද සිය පියා විසින් ආරම්භ කරන ලද සේවාවන් රාශියක් ඔහු විසින් නිම කරන ලදි.
4 වන විජයබාහු රජුගෙන් පසු ඔහුගේ පුත්‍රයා පලවන බුවනෙකබාහු (1272- 1284) නමින් දඹදෙනියේ රජ විය. ඔහුගේ රාජ්‍ය කාලයේ දී දකුණු ඉන්දියානු ආක්‍රමණ කිහිපයක් පාලකයින්ගේ කැරලි ද ඇති වූ බව පෙනේ

සමිර ආරියදාස

ජායාරෑප - http://trips.lakdasun.org/