ගම්පොල රාජධානිය

Search

Share Us

Counter

Blog Pages

Like Us On Facebook

Visit Island Lanka

ගම්පොළ රාජධානිය කරගත් ප්‍රථම පාලකයා වූයේ පස්වැනි විජයබාහු රජුගේ පුත්‍රයා වූ හතරවෙනි බුවනෙකබාහු රජතුමාය. (1341 – 1352) ඉබන් බතුනා (1344) නම් සුප්‍රකට අරාබි විදේශ සංචාරකයන් ලංකාවට පැමිණියේ මේ රජුගේ කාලයේදීය. ඉබන් බතුනා ගමන් විස්තරයට අනුව මෙකල යාපනය ප්‍රදේශය ආර්ය චක්‍රවර්ති පෙළපත රජ කෙනෙකු යටතේ පාලනය විය. ලංකාවේ බටහිර වෙරළ හලාවත දක්වා මුහුදු බඩ අල්ලා ගෙන බලහත්කාරයෙන් මුතු කිමිදීම කර ගෙන ගියේය. මේ කාලයේ දී ගම්පොළ රාජධානියේ රජුගේ බලය අතිශයින් දුර්වල ව පැවතිණි.

4 වැනි බුවනෙකබාහු රජුගෙන් පසු රජ වූ පස්වැනි බුවනෙකබාහු රජුගේ (1371 -1408) ශාසන සංශෝධනයක් ඇති කරන ලද අතර ගම්පොල ආසන්නේ සිදුරුවාන නම් ස්ථානයෙහි ලංකාතිලක විහාරය සහ ගඩලාදෙණිය සද්ධර්මතිලක විහාරය (ගඩලාදෙණිය විහාරය) ඉදිකර වීම වැදගත්ය. ලී කැටයම් සඳහා සුප්‍රකට ඇම්බැක්කේ දේවාලය ඉදිකරන ලද්දේ ද මේ කාලයේය.

ගම්පොළ රාජධානිය අවසාන කාලයේදී රජවරුන්ට වඩා බලවත් වූයේ සේනාධිනායක වැනි තනතුරුය. ප්‍රභූවරයන්ගෙන් සමන්විත වූ බව බලවත් වූ පවුල් දෙකක් නම් ගම්පොල සේනාලංකාධිකාර පවුල සහ රයිගම අලගක්කෝනාර පවුලයි. සිංහල රජවරුන්ගේ බලය දුර්වල වීම හේතු වූ කරුණක් නම් යාපනය රාජ්‍ය චක්‍රවර්ති වරුන්ගේ බලය වැඩි වී යාමයි. ආර්ය චක්‍රවර්ති රජවරුන්ගේ හමුදාව වරින්වර සිංහල ප්‍රදේශ වලට කඩා වැදී බලහත්කාරයෙන් බදු ගැනීම වෙළඳ ද්‍රව්‍ය එකතු කර ගැනීම වැනි දේ කළ බව පෙනියයි.

ගම්පොල 3 වැනි වික්‍රමබාහු (1357 -1374) රජුගේ කාලයේ දී උතුරේ ආර්ය චක්‍රවර්ති විසින් රටේ විවිධ ප්‍රදේශවල කොල්ලකෑමත් ජනතාවට හිරිහැර පැමිණ වීමක් නිසා සතුරන්ගෙන් රට බේරා ගැනීම සඳහා ප්‍රබල සටන් මධ්‍යස්ථානයක් අවශ්‍යව පැවතුනි. වික්‍රමබාහු රජතුමාගේ ප්‍රභූරාජ්‍යා හා සේනාධි නායකයා වූ තුන්වන තුළ අලකේශ්වර හෙවත් නිශ්ශංක අලගක්කෝනාර විසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බලකොටුවක් ඉදි කරන ලද්දේ මේ අවශ්‍යතාවය සඳහා ය. මේ බලකොටුව දියවන්නා ඔය අසල වගුරු බිම් ප්‍රදේශයක ජල දුර්ග ,පංක දුර්ග (ගොහොරු බිම්) පැරණි ආරක්ෂක උපක්‍රම ද අනුගමනය කරමින් තනන ලද්දකි. කෝට්ටේ බලකොටුව මුල්කරගෙන හමුදා සංවිධානය කළ අලගක්කෝනාර සෙනෙවියා මාතලේ මහනුවර ආදී කඳුකර ප්‍රදේශ වලටත් වත්තල කැලණිය ආදී ප්‍රදේශ වලටත් කඩා වැදී බදු එකතු කළ ආර්ය චක්‍රවර්තීන්ගේ සේවකයින් පිටමං කර ඔහුගේ සියලු හමුදාවන් උතුරට පන්නා දැමීමට සමත් විය.