මොකක්ද මේ ග්රෑන්ඩ් කැනියොන්

Search

Share Us

Counter

Blog Pages

Like Us On Facebook

Visit Island Lanka

හැබැහින් දැක නැතත් ඔබ රූපවාහිනියෙන් හෝ සිනමාවෙන් ගෑන්ඩ් කැනියොන් දැක ඇතුවාට සැක නැත ඇරිසෝනාවේ පිහිටි ග්රෑන්ඩ් කැනියොන්ලොව අග්‍ර ගනයේ ස්වභාවික විශ්මයකි. ලොව වටා ප්‍රකට වී ඇත්තේ එහි වෛවර්ණ කඳු හා ඒවායේ ඇති රාජකීය ස්වභාවය නිසාවෙනි.

ග්රෑන්ඩ් කැනියොන් ඇතිවූයේ කොලරාඩෝ නදී නිම්නයේ ඇති වූ සේදී යාම් නිසාය. වසර ලක්ෂ ගණනක් තිස්සේ ඇතිවූ මෙම සේදී යාම නිසා අද ලොවට ලොවට ග්රෑන්ඩ් කැනියොන් නැමැති අපූරු ස්වභාවික නිර්මාණය දායාද වී තිබේ. කොලරාඩෝ නදී ජලය ප්‍රවාහය කොතරම් බලවත් ද යන්න මින් ඔබට වටහා ගත හැකිවනු ඇත. අදත් එම කඳු පතුලේ ගලා යන දිය තවදුරටත් කඳු සෝදා හරිමින් පවතී.

ග්රෑන්ඩ් කැනියොන් කිලෝ මීටර් 347.2 දිගය. පළල කිලෝමීටර් 6.4 සිට කිලෝමීටර් 4.4 දක්වා. සමහර තැන් වල ගැඹුර කිලෝමීටර් 1.5 ටත් වඩා වැඩිය. මේ සෝදා යාම නිසා වසර දශලක්ෂ ගණන් පැරැණි පාංශු ස්තර පවා මතු වී තිබේ. මේවා ගැන විද්‍යාඥයන් බෙහෙවින් උනන්දු වන්නේ පෘථිවියේ දීර්ඝ ඉතිහාසය පිළිබඳව එම පාංශු ස්ථර වලින් අනාවරණය කරගත හැකි කරුණු බොහෝ නිසා. ග්රෑන්ඩ් කැනියොන් පත්වී සමහර පාංශු ස්තර වල ඇති පොසිල අතර ප්‍රාථමික ඇල්ගී පවත්. ඉහළ ස්තරවල ඩයිනෝසරයන්ගේ ආදී ශාකවල හා අතීත සත්වයින්ගේ පොසිල හමු වේ..

සෑම වසරකම ගෑන්ඩ් කැනියොන් නැරඹීමට පැමිණෙන සංචාරක සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවයි. 1919 දී ඇමෙරිකාවේ ග්රෑන්ඩ් කැනියොන් ජාතික උද්‍යානය ඇති කරන ලදී.