Search

Share Us

Counter

Blog Pages

Like Us On Facebook

Visit Island Lanka

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාවේ පිහිටි සුප්‍රකට "ගල විදපු තැන" ඔබ අනන්තවත් දැක තිබෙන්නට පුළුවනි. එමෙන්ම දශක ගණනාවක සිටම නො එසේ නම් සියවසකට අධික කාලයක සිටම ඒ තුළින් ඔබ මොබ ගමන් කරන්නටද ඇත. ගැල් කරත්ත ආදියේ පටන් නවීන මෝටර් රථයක්‌ දක්‌වාම ගල විදපු තැනින් යන්නට එන්නට ඇත.

අප රටේ පුළුල් මහා මාර්ග ඉදි කිරීමේ පුරෝගාමීන් වන්නේ යටත් විජිත පාලකයන්ය. විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකයන්ය. මෙරට ඉතිහාසයේ නව පරිච්ඡේද එකතු කළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් අතර කොළඹ - නුවර මහා මාර්ගය ඉදි කිරීම ද සුවිශේෂී වැදගත්කමකින් යුතුය.

සුදු ජාතිකයන්ට නව මහා මාර්ග ඉදි කිරීමේ අවශ්‍යතාව ඇති වූයේ ඔවුන්ගේ වෙළෙඳ ද්‍රව්‍ය ප්‍රවාහනය අරමුණ පෙරදැරි කර ගෙනය. මහා මාර්ග මෙන්ම දුම්රිය මාර්ගද රටේ සංවර්ධනය කෙරෙහි ඉදි කෙරුණේ එලෙසින්ය.

සිංහලේ ආක්‍රමණය කිරීමට පැමිණි ප්‍රතිකාලුන්ට මෙන්ම ලන්දේසීන්ටද එය සිදු කළ නොහැකි වූහ. එම නිසා වෙරළ තීරය ආශ්‍රිත සීමිත ප්‍රදේශ කිහිපයක බලය අල්ලා ගෙන සැනසීමට ඔවුන්ට සිදුවූහ. ඔවුහු කන්ද උඩරට රජුට සීමිත බලපෑමක්‌ සිදු කරමින් වෙරළබඩ ප්‍රදේශවල වෙළෙඳාම් කටයුතු සිදු කළහ.
හිරු නොබසින අධිරාජ්‍යයක්‌ ලෙස එකල ගොඩ නැගෙමින් සිටි ඉංග්‍රීසීන්ට නම් කන්ද උඩරට කිරීටය ලබා ගැනීමට හැකිවූහ. 1797 දී පැමිණ 1815 මාර්තු මාසයේ 2 වැනිදා වන විට සිංහලේ පාලනය සියතට ගැනීමට ඔවුන්ට හැකිව තිබිණි. නමුත් දිවයිනේ නන් දෙසින් පැන නැගුණු විමුක්‌ති අරගලයන්ට මුහුණ දෙන්නට වරින් වර ඔවුන්ට සිදුවූහ.

සිය යටත් විජිතයක්‌ ලෙස මෙරට ආණ්‌ඩුකාරවරයෙකු යටතේ පාලනය කරවීමට ඉන්පසු බ්‍රිතාන්‍යයෝ ක්‍රියා කළහ. සිය වෙළෙඳ කටයුතු සිදු කරගෙන යැමට පුළුල් මාර්ග පද්ධතියක අවශ්‍යතාවද මේ නිසා ඔවුන්ට ඇති වූහ. බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර සර් එඩ්වර්ඩ් බාන්ස්‌ (1820-1831) ඒ අතර සුවිශේෂී පුද්ගලයෙකි. මෙරට මහා මාර්ග ඉදි කිරීමේ පුqරෝගාමියා ලෙස සැලකෙන්නේ එතුමාය.

සර් එඩ්වර්ඩ් බාන්ස්‌ ආණ්‌ඩුකාරතුමා විසින් කොළඹ - නුවර මාර්ගය ඉදිකිරීමේ කටයුතු විශ්වාසයෙන් යුqතුව භාර කෙරුණේ කැප්ටන්a ඩෝසන්ටය. එතුමා දක්‌ෂ වෘත්තිය ඉංජිනේරුවෙකි. සිය රාජකාරී කටයුතු භාරගත් පසුව පළමු කාර්යය 1820 දී ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද කොළඹ - නුවර මහා මාර්ගය ඉදි කිරීමයි.

සිංහලේ පිහිටි පළමුවැනි ප්‍රධානතම මාර්ගය ලෙස නම් කොට තිබෙන්නේ කොළඹ - නුවර එම මාර්ගයයි. එම මාර්ගය ඉදි කිරීම ඉංග්‍රීසි පාලකයන් තැබූ යෝධ පියවරකි.

කඳු, හෙල්, දියදහරා, ගල් පර්වත ආදී ස්‌වාභාවික බාධක ජය ගනිමින් ඉදිරියටම පාර සකසමින් ගිsය කැප්ටන් ඩෝසන් කඩුගන්නාවේ 62 වැනි සැතපුම් කණුව පිහිටුවා ඇති ප්‍රදේශයේදී මඳක්‌ නතර කළේය. ඒ මාර්ග සැලසුමේ අපූරු වෙනසක්‌ සිදු කිරීමේ අටියෙනි.

කඩුගන්නාවේ සිට කන්ද උඩරට මහනුවරට ඇත්තේ සැතපුම් 10 කි. උඩරට රාජධානියට පිවිසුම් මධ්‍යස්‌ථානය ලෙස සලකන ලද්දේ එම කඩුගන්නාවයි. එම ස්‌ථානයේදී නතර වූQ කැප්ටන් ඩෝසන්ට ඒ සඳහා බලකළ කරුණක්‌a විය. ඒ සිංහල ජන ප්‍රවාදයකි. ඊට බියවී හෝ එය විශ්වාස කිරීම නිසාය. නැතහොත් ඊට ගරු කිරීමක්‌ වශයෙනි.

ඉංග්‍රීසීන් මෙරටට පැමිණියද 1815 දක්‌වාම කන්ද උඩරට යටත් කර ගැනීමට ඔවුන් විසින් උත්සාහ දරන ලද සියලු ප්‍රයත්නයන්a ව්‍යරථ වූහ. ඉංග්‍රීසීන්ට කන්ද උඩරට පහසුවෙන් ජය ගන්නට සිංහල විරුවෝ ඉඩ නොතැබූහ. දිවි හිමියෙන් උඩරට කිරීටය ආරක්‌ෂා කරගනු පිණිස සටන් කළහ. ෆෙඩ්රික්‌ නෝර්ත් ආණ්‌ඩුකාරයා විසින් කන්ද උඩරටට යවන ලද ඩේව් ප්‍රමුඛ ඉංග්‍රීසි සොල්දාදුවන් පිsරිසත් ජොන්ස්‌ටන් ප්‍රමුඛ පිරිසත් පැරදවීමට සිංහලයෝ සමත් වූහ. කන්ද උඩරටට ඇතුළුවීමට ඔවුන්ට හැකියාවක්‌ ලැබුණේ නැත. එලෙස කන්ද උඩරටට ඇතුළුවීමට ඔවුන් විසින් ගන්නා ලද උත්සාහයන් ව්‍යර්ථ වූයේ වරක්‌ දෙවරක්‌ පමණක්‌ නොවේ.

හතර කෝරළයේ ලෙව්කේ රාළගේ නායකත්වයෙන් රොක්‌වූ හමුදාවෝ විශාල සටනක්‌ 1803 දී ඉංග්‍රීසින්ට විරුද්ධව මෙහෙය වූහ. එහිදී ලෙව්කේ රාළ ඇතුළු සිංහලයෝ ජයග්‍රහණය කළහ. එම ජයග්‍රහණයෙන් සතුටට පත්වූ ලෙව්කේ රාළ විසින් එකල උඩරට ජනතාව අතර පැවැති ජන විශ්වාසයක්‌ හා බැඳුණු ජන කවියක්‌ ඉංග්‍රීසි ආණ්‌ඩුකාරවරයා වෙත යෑවූහ.


"කන්ද උඩරට ගන්න සගයන්
ඇයිද මේ හැටි කැස කවන්නේ
බින්ද හොත් ගල කන්ද උඩහට
තොපිත් උඩරට රජ කරන්නේ
නන්දෙසින් පැන ආව ලන්දේසි
පරංගින් පැරදිලා යන්නේ
තුංග බල සිව් කෝරළේ
හමුදාව නිති රකින්නේ"

ලෙව්කේ රාළ විසින් යවන ලද එම කවිය ඉංග්‍රීසීන් වෙත පැහැදිලි කරන ලද්දේ තෝල්ක මුදලි විසිනි. ඉංග්‍රීසි ආණ්‌ඩුකාරයාගේ මෙන්ම කැප්ටන් ඩෝසන්ගේ සිත සසල කිරීමට තරම් ඊට හැකි විය. කන්ද උඩරට රාජ්‍යය ආක්‍රමණය කොට එහි උණුසුම පහව යන්නටත් පෙර 1818 දී තවත් ප්‍රබල කැරැල්ලකට මුහුණ දෙන්නට ද ඉංග්‍රීසීන්ට සිදුවිය. එවැනි අරගලවලට දිගින් දිගටම මුහුණ දෙන්නට සිදුවුවහොත් සිංහලේ යටත් කරගැනීමේ ප්‍රයෝජනය නොලැබී යනු ඇතැයි ඔවුහු කල්පනා කරන්නට වූහ.

දළදා වහන්සේ ලබාගැනීම මෙන්ම කඩුගන්නා ගල බිඳීමද සිංහලේ පාලනය කිරීමට නම් සිදු කළ යුතුමය. කොළඹ සිට කන්ද උඩරටට මහා මාර්ගය ඉදි කිරීමේ කටයුතු කැප්ටන් ඩෝසන් යළි ආරම්භ කළේ එම අභිsයෝගය ද භාර ගනිමින්ය.

කොළඹ - නුවර මාර්ගයේ කඩුගන්නාව ගල විදපුq තැන සෙංකඩගලට පිවිසීමේ ඇරඹුමයි. 1828 දී එහි පිහිටි එතරම් විශාල නොවූ ගල සිදුකරමින්ම ඊට මාර්ගය ඉදි කළේය. එය මඟ හැර හෝ එය පහසුවෙන් ඉවත් කොට මාර්ගය ඉදිකළ හැකිව තිබුqණද එලෙස ගල විදින ලද්දේ උඩරට පැවැති ජනප්‍රවාදය නිසාය.

කොළඹ - මහනුqවර මහා මාර්ගය ඉදිකිරීම සිය ජීවිsතයට වඩා වැදගත් ලෙස සැලකූ කැප්ටන් ඩෝසන් මේ නිසා විධායක ඉංජිනේරු තනතුරටද උසස්‌ කරන ලදී. මාර්ගය වෙනුවෙන්ම සිය ජීවිතය කැප කොට සිටි කැප්ටන් ඩෝසන් 1829 දී රෝගයක්‌ වැළඳී මිය ගිය බව ඉංග්‍රීසි ලේඛක ජෝබ්ස්‌ සඳහන් කරයි.

කඩුගන්නාවේ පිහිටි සුප්‍රකට ඩෝසන් කුළුණ ඉදි කොට ඇත්තේ කැප්ටන් ඩෝසන් සිහිවීම පිණිසය. අඩි 125 ක්‌ පමණ උසැති එය ඉදි කිරීම සඳහා පවුම් 343 ක්‌ වැයවී ඇත. ඩෝසන්ගේ මිතුරන් විසින් සිය මිතුරා වෙනුවෙන් එම මුදල් එකතුකොට ඩෝසන් කුළුණ ඉදි කළහ.

උඩරට පැවැති ජනප්‍රවාදයන් නිසා කැප්ටන් ඩෝසන් සිදු කළ කාර්යය අද ශ්‍රී ලංකාවේ උරුමයක්‌ බවට පත් වී ඇත. නමුත් එය අනාගතයට තිළිණ කිරීමට නම් මේ රටේ උරුමයන් සුරැකීමට සිටින මැති ඇමැතිවරුන්ගේ සැලකිල්ල යොමු විsය යුතු බවද අවධාරණය කරමින් මෙම සටහන නතර කරමු.

දෙනගම-ධම්මික රණවීර

ජායාරූප - Deepa Navaratna