කෝට්ටේ රාජධානිය

Search

Share Us

Counter

Blog Pages

Like Us On Facebook

Visit Island Lanka

නිශ්ශංක අලගක්කෝනාර විසින් ආරක්ෂක බලකොටුවක් වශයෙන් හා සටන් මධ්‍යස්ථානයක් වශයෙන් ආරම්භ කළ කෝට්ටේ නගරය ලංකාවේ සිංහල රාජ්‍යයේ අගනුවර බවට පත්වූයේ 1415 දී පමණය. රයිගම පරාක්‍රමබාහු කුමාරයා 1415 දී පස් වැනි පරාක්‍රමබාහු නමින් අභිෂේක ලබා කෝට්ටේ රාජ්‍යයේ රාජ්‍යත්වයට පත් විය
6 වන පරාක්‍රමබාහු රජු (1415 -1467) කෝට්ටේ රජ වන විට ලංකාවේ ප්‍රාදේශීය රාජ්‍ය කීපයක් ම තිබූ බව පෙනී යායි.උතුරු ප්‍රදේශය චක්‍රවර්ති නමින් රජ කෙනෙකු යටතේ පැවැති අතර උඩරට ප්‍රදේශය ජෝතිය නම් ප්‍රාදේශීය පාලකයෙකු යටතේ පාලනය විය. තිය නොපිළිගත්තහු ස්වාධීන පාලකයින් වශයෙන් කටයුතු කිරීමට උත්සාහ කළ බවද මෙම අවධියෙහි වියළි කලාපයේ වනගත ප්‍රදේශ වල ජීවත් වන ප්‍රදේශ වල ස්වාධීන රාජ්‍යයන් කිහිපයක් පැවතුනි.

හයවන පරාක්‍රමබාහු රජතුමා විසින් පළමු වැනි ප්‍රදේශවල පාලකයින් පරදවා ඒවායේ තම බලය පිහිටුවා ගන්නා ලදී. ඉන්පසුව යාපනය යටත් කරගැනීම සඳහා තමාගේ හදාගත් පුත්‍රයකු යැයි සැලකෙන සේනාධිපති සපුමල් කුමාරයා යාපනයට ගියේය. 1450 දී පමණ යාපනය ජගත් සපුමල් කුමාරයා කෝට්ටේ අග රජු යටතේ එහි පාලකයා වශයෙන් පත්විය. මේ අනුව ජෝතිය සිටානන් විසින් කැරැල්ලක් ඇති කරන ලද අතර එය මැඩ පැවැත්වීම සඳහා සපුමල් කුමාරයාගේ අම්බුලුගල කුමාරයා යවන ලදී. අම්බුලුගල කුමාරයා විසින් කැරැල්ල මැඩ පැවැත් වූ පසු උඩරට ප්‍රදේශය ද කෝට්ටේ රාජ්‍යයේ ආධිපත්‍ය පිළිගෙන එහි කොටසක් බවට පත් විය. මෙසේ ශ්‍රී ලංකාව අවසන් වරට එක්සේසත් කළ රජු වශයෙන් හයවෙනි පරාක්‍රමබාහු රජු ඉතිහාසගත වේ. හයවෙනි පරාක්‍රමබාහු රජු දකුණු ඉන්දියාව සමඟ වෙළෙඳ සබඳතා ද පවත්වා ගෙන ඇත. මෙම වෙළඳ සබඳතා වලට බාධා කල මලය වරායර් නමැති දකුණු ඉන්දියානු අධිපතියෙකු සිය හමුදාව යවා පරාජය කරවීමට ද රජු සමත්විය.

බුද්ධ ශාසනයේ දියුණුව සඳහා විශාල සේවාවක් හයවැනි පරාක්‍රමබාහු රජතුමා අතින් සිදුවිය. මේ රජුගේ කාලයේ දී පිරිවෙන් අධ්‍යාපනය ආයතන කීපයක් ඉදි වූ අතර රජු විසින් තමාගේ මෑණියන්ගේ නමින් පැපිලියානේ සුනේත්‍රාදේවී නම් පිරිවෙණක් පිහිටුවන ලදි. මීට අමතරව තොටගමුවේ විජයබා පිරිවෙන කෑරගල පද්මාවතී පිරිවෙන ආදී පිළිවෙත් කීපයක් ද විය. මේ නිසා මේ යුගයේ සිංහල සාහිත්‍ය විශාල දියුණුවක් ලැබූ අතර පාලි හා සංස්කෘත සාහිත්‍ය ප්‍රබෝධයක් ද ඇතිවිය.

අඩ සියවසකට වැඩි කාලයක් පැවති පරාක්‍රමබාහු රාජ්‍ය කාලය රටේ සාමය හා සමෘද්ධිය පැවති අවධියක් ලෙස සැලකිය හැකිය.හයවෙනි පරාක්‍රමබාහු රජුගේ පුතුන් නොසිටි නිසා ඔහුගෙන් පසු රාජ්‍ය හිමි වූයේ සිය දියණිය ගේ පුත් ජයබාහු කුමරුට ය. (1467 – 1469) එකල යාපනයේ පාලකයා ව සිටි සපුමල් කුමරු විසින් ඔහු මරා හයවැනි බුවනෙකබාහු (1470-1468) නමින් රජවිය. මේ රජතුමාට විරුද්ධව කැරලි කීපයක් ඇති විය. ඒවා මැඩ පවත්වා ගැනීමට රජතුමා සමත් වුව ද ඔහුගේ ඇවෑමෙන් රජ රට නැවතත් කොටස්වලට බෙදී ගිය බව පෙනේ. රජතුමාගෙන් පසුව රජ වූ පරාක්‍රමබාහු රජුට (1468- 1484) විරුද්ධව කැරලි ගැසූ අම්බුලුගල කුමරු රජු පරාජයට පත් කොට 8 වන පරාක්‍රමබාහු හෙවත් වීර පරාක්‍රමබාහු (1484 – 1508) නමින් රජවිය. මේ රජුගේ කාලයේ දී යාපනය සහ උඩරට ප්‍රදේශ නැවතත් ස්වාධීන විය. පළමු වරට ලංකාවට පැමිණියේ ද මේ රජුගේ අවදියේ ය. viii වන වීර පරාක්‍රමබාහු රජුගෙන් පසු ඔහුගේ පුත් පරාක්‍රමබාහු හෙවත් ධර්ම පරාක්‍රමබාහු රජ 1508 දී රාජ්‍යත්වයට පත් විය. වීර පරාක්‍රමබාහු රජුගේ අවසාන වර්ෂ කීපය තුළ රට පාලනය ගෙන ගියේ ධර්ම පරාක්‍රමබාහු රජතුමාය. ධර්ම පරාක්‍රමබාහු රජුගෙන් පසු හයවන විජයබාහු (1513 – 1521) රජවිය. ඔහුගේ රාජ්‍ය කාලයේ දී ඔහුගේ පුතුන් තිදෙනා ඔහුට විරුද්ධව කැරලි ගසා ඔහු මරවා රාජ්‍ය කොටස්වලට බෙදා දෙන පාලනය කළහ. මේ කැරැල්ල විජයබා කොල්ලය නමින් හැඳින්වේ. මෙලෙස රාජ්‍යය බිඳී ගිය ද 1597 දක්වා කෝට්ටේ රාජ්‍ය ලංකාවේ ප්‍රධාන රාජ්‍ය වශයෙන් පැවතුනි. මේ කාලයේ දී යාපනය ස්වාධීන රාජ්‍යයක් වශයෙන් පැවතුනි.