කාලගුණ අනාවැකි පළ කිරීමේ නවීන ක්‍රම

Search

Share Us

Counter

Blog Pages

Like Us On Facebook

Visit Island Lanka

කාලගුණ තොරතුරු මහජනයාගේ එදිනෙදා කටයුතු වලට බලපානවා සේම රටක ආර්ථිකය කෙරෙහි ද බලපෑම් ඇති කරයි. එබැවින් හැම රටකම පාහේ කාලගුණය පිළිබඳ තොරතුරු රැස් කරන තොරතුරු ලබා දෙන මධ්‍යස්ථාන පවත්වාගෙන යයි. ශ්‍රි ලංකාවෙ පවත්වා ගෙන යන එවැනි ආයතනයක කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවයි. නවීන උපකරණ මගින් වඩාත් නිවැරදි තොරතුරු ලබා දීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීම යි. නිවැරදි තොරතුරු ලබා දීම සඳහා පොළොව මතුපිට පමණක් නොව වායුගෝලයේ විවිධ මට්ටම්වල දී ද ඉහත සඳහන් වූ සාධක නිවැරදිව මැන ගත යුතුවේ. මේ සඳහා භාවිත කරන විශේෂ උපකරණ අතුරින් කිහිපයක් මෙහි දැක්වේ. 


රේඩියෝ සොන්ඩි 


හයිඩ්‍රජන් හෝ හීලියම් වායුව පිරවූ බැලුනයක එල්ලා මේ උපකරණය ඉහළ අහසට යවනු ලැබේ. මේ උපකරණ කට්ටලය කුඩා ගුවන් විදුලි විකාශන යන්ත්‍රයක් ද වේ. එමගින් අහසේ විවිධ මට්ටම්වලදී උෂ්ණත්වය තෙතමනය හා පීඩනය පිළිබඳ මිනුම් දක්වන සංඥා නිකුත් කෙරේ.

රේඩාර් යන්ත්‍රය

රේඩාර් යන්ත්‍රය මගින් ගුවන් විදුලි තරංග අහසේ විවිධ දිශාවලට නිකුත් කෙරේ. වලාකුළු මගින් පරාවර්තනය කරන මේ තරංග නැවත රේඩාර් උපකරණය වෙත පැමිණ එමගින් ලබාගන්නා සිතියම් ඇසුරින් වළාකුළු වල පැතිරීම හා ගමන් මාර්ගය වැහි වළාකුළු හා කුණාටු ඇති කරන වලාකුළු පිළිබඳ තොරතුරු ලබාගත හැකිය.


කෘතිම චන්ද්‍රිකා


කාලගුණ චන්ද්‍රිකා මගින් ඒ ඒ ප්‍රදේශවල ඇති වළාකුළු වල ඡායාරූප පොළවෙ හි පිහිටි මධ්‍යස්ථාන වෙත එවනු ලැබේ. මෙ මගින් විශාල ප්‍රදේශයක වූ වළාකුලු රටා පිළිබඳව තොරතුරු එකවර ලබා ගත හැකි අතර වරින්වර පරීක්ෂා කිරීම ද පුළුවන.




ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉටුකරන සේවාවන්


  • ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉටුකරන සේවාවන් රැසකි.
  • දිනපතා කාලගුණය පිළිබඳ තොරතුරු ජනතාවට ලබාදීම
  • පසු දිනට යෙදෙන කාලගුණය පිළිබද අනාවැකි නිවේදනය කිරීම
  • සුළි සුළං කුණාටු හා චන්ඩ මාරුත පිළිබඳව කල්තියා දැනුම් දීම ගංවතුර හා නියගයන් පිළිබඳ අනතුරු ඇඟවීම
ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද මේ නිවේදන තම දිනපතා වැඩ කටයුතුවල දී ප්‍රයෝජනයට ගන්නා පුද්ගලයින් හා ආයතන  .


  • ධීවරයින්ට හා නාවිකයින්ට තමන් යාත්‍රා කරන ප්‍රදේශයේ කාලගුණ තත්වයන් දැනගැනීමට පුළුවන
  • කාලගුණික තොරතුරු අනුව අධ්‍යාපන චාරිකා විනෝද ගමන් ශ්‍රමදාන වැනි කටයුතු සංවිධානය කර ගත හැකිය
  • සුළි සුළං ගංවතුර තර්ජන ගැන දැන සිටීම ඒවායින් ආරක්ෂා වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ගැනීම සඳහා රජයට හෝ ආයතනවලට ප්‍රයෝජනවත් වේ .
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් විවිධ කටයුතු සඳහා ප්‍රයෝජනයට ගත හැකි වන සේ කාලගුණික සිතියම් අදිනු ලැබේ. මේ කාලගුණික සිතියම් වල විවිධ දේශගුණික තත්ත්වයන් පෙන්වා දෙනු ලබන්නේ අන්තර්ජාතික වශයෙන් පිළිගත් කාලගුණික සංකේත මගිනි.