යාපහුව රාජධානිය

Search

Share Us

Counter

Blog Pages

Like Us On Facebook

Visit Island Lanka

 බුවනෙකබාහු රජුගේ රාජ්‍ය කාලය අවසානයේ ලංකාව ආක්‍රමණය කළ පාණ්ඩ්‍ය අධිරාජ්‍ය කෙනෙකු ආර්ය චක්‍රවර්ති දඹදෙණි රාජ්‍ය බලකොටුවක් වශයෙන් පැවති බවට පහරදී දන්තධාතූන් හා තවත් වස්තුව පාණ්ඩ්‍ය රටට ගෙන ගියේය. විදේශ ආක්‍රමණ නිසාත් අභ්‍යන්තර වන්නි පාලකයින් වැනි සතුරන් ගෙන් එල්ල වූ තර්ජන නිසා එක බුවනෙකබාහු රජු දඹදෙණිය අතහැර තම අගනුවර වශයෙන් යාපහුව තෝරාගත්තේය. මෙසේ යාපහුව රාජධානියේ ප්‍රථම පාලකයා වූ බුවනෙකබාහු රජු කාලයේ දී ජලය සමඟ වෙළඳ සබඳතා ඇති කරගැනීම සඳහා දූත පිරිසක් මිසරය වෙත යවන ලද බව කියැවේ. ලංකාවේ මැණික් ඇතුන් ඇත්දත් වැනි වෙළෙඳ ද්‍රව්‍ය ඈත අතීතයේ සිටම විදේශ වෙළදාම වැදගත් තැනක් ගත් නමුත් මෙකල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් නම් පුරුදු වෙළඳ භාණ්ඩයක් වශයෙන් වැදගත් වීමයි. මෙකල ලංකාවට පැමිණි අරාබි වෙළෙන්දෝ මෙම භාණ්ඩ මැද පෙරදිග වෙළෙඳ පොළට ගෙන ගියහ.

පළවෙනි බුවනෙකබාහු රජුගෙන් පසු ඔහුගේ බාල සොයුරු තුන්වන පරාක්‍රමබාහු (1287- 1293) නමින් රජවිය. අධිරාජ්‍යා වූ මාරවර්මන් කුලසේකර සමග මිත්‍ර සබඳතා ඇති කර ගත් මේ රජතුමා පලවෙනි විජයබාහු රජුගේ කාලයේ දී පැහැර ගෙන යන ලද දළදා වහන්සේ නැවත ලංකාවට ගෙන ඒමට කටයුතු කළේය. පාණ්ඩ්‍ය අධිරාජයා සමග ඇති කර ගත් මිත්‍ර සබඳතා නිසා සතුරු ආක්‍රමණයක් එල්ල නොවේ යැයි විශ්වාස කළ රජු තම රාජධානිය යලි පොළොන්නරුවේ පිහිටුවා ගත්තේ ය.