Search

Blog Posts

Share Us

Counter

Blog Pages

Like Us On Facebook

Visit Island Lanka

වී බිස්ස වනාහී සිංහල ගොවියාගේ වී වගාවේ පසු අස්වනු සංරක්‍ෂණය කරන නිර්මාණයකි.


Read more...
සීතාවක රාජසිංහ රජුගේ මරණය පිළිබඳ පැරැණි මූලාශ්‍ර - වංශ කතා - නූතන ඉතිහාසකරුවන් දෙන විවරණ පිළිබඳ සටහනක්‌ මේ ලිපියේ එයි. සීතාවක රාජධානිය යටතේ වරක්‌ කොළඹ නගරය හා යාපනය හැර මුළු ලංකාවම එක්‌සත් කරගෙන සිටි සීතාවක රාජසිංහ රජු (ක්‍රි. ව. 1581-1592) උඩරට රාජධානියේ රජකමට පත් කොනප්පු බණ්‌ඩාර හෙවත් පළමු විමලධර්මසූරිය රජු (ක්‍රි. ව.
Read more...



රුසිරු පෙතන්ගොඩ උයනට වැඩියාය
නපුරු උණ කටුව පතුලේ ඇනුණාය
එක්ව සිටි සැවොම වටලා මතුලාය
රාජසිංහ දෙවි නාමෙත් මැකුණාය

පෙතන්ගොඩ උයනේදී විෂ උණ කටුවක් ඇනී අසනීප වූ රාජසිංහ රජු කැලණි ගඟ ඔස්සේ සීතාවකට රැගෙන එන අතර කිකිළි බිත්තර වැල්ල නම් තොටුපොළේ දී මියගිය බවත්, දේහය අඟුල පිටින්ම ගෙනැවිත් මේ ස්ථානයේ දී ආදාහනය කළ බවත් ජනප්‍රවාදයේ එයි.
Read more...
ඇබර්ඩීන් වතුයායේ කෙළවරක පිහිටි මෙම දිය ඇල්ලේ උස මීටර් 98 ක්‌ පමණ වන අතර මස්‌කෙලිය ඔයේ අත්තක්‌ වන කෙහෙල්ගමු ඔයෙන් මෙය නිර්මාණය වේ. ඇබර්ඩීන් යනු ස්‌කොට්‌ලන්තයේ පිහිටි නගරයක්‌ වන අතර අතීත ඉංගී්‍රසි ආණ්‌ඩු කාලයේ මෙම වතුයාය පාලනය කළ පුරපුරේ නාමය මේ හා පටබැඳී තිබේ. වන ලැහැබක මධ්‍ය නිම්නයක පිහිටි ඇබර්ඩීන් ඇල්ල වටේටම ඇත්තේ ඝන වනාන්තරයයි.
Read more...

කැලණි ගඟ සමනල කඳු මුදුනින් ඇරඹී කොළඹ කාක දූපත අසලින් මුහුදට වැටේ. ඒ වෙනුවෙන් ගෙවා එන කිලෝමීටර් සියගණන තුළ දස දහස් ගණනගේ පිපාසය සංසිදුවන අතර ලක්ෂ සංඛ්‍යාවකට ජල විදුලිය ලබාදේ. ඒ වගේම මේ ගෙවා එන කිලෝමීටර් ගණනක් දුර ඇතුළේ නෙත් වසඟ කරවන අපූරු නිර්මාණ රැසක් දායක කරන්නටද අමතක නොකරයි. කැලණි ගංකොමළිය පෝෂණය කරනා මස්කෙළිය ඔයෙන් හටගන්නා ලක්ෂපාන ඇල්ල දකින්නට අද අපි ඔබ සමඟ යන්නට සූදානම් ය.


Read more...
කඳුකරය ම දුහුල් මිහිදුම් සළු පොරවාගෙන, එකට එතී, සීතලෙන් ගුලි වී ඇත. කඳු මුදුන් වසාගෙන තුරු මුදුන් නැගී සිටින වග, මිහිදුම් තිර මෑත් කරමින් විකසිත වන හිරු රැස් අතරින් දර්ශනය වේ . මාවත් දෙපසම කැනාස්, බුත්සරණ සහ නෙක් විසිතුරු වෙවර්ණ මලින් වැසී ඇත. බැලූ බැලූ අත ජර්සි හැඳගත් මිනිසුන් ය. හිම තොප්පි පැළඳගෙන සිටි මොවුන්, වරෙක ඇස්කිමෝවරුන් සිහිගැන්වීමට සමත් ය.
Read more...
ශාන්ත ක්ලෙයාර් දියඇල්ල නුවර එළිය දිස්ත්‍රික්කයට අයත් ය. ආසන්නම නගරය තලවාකැලේ ය. තලවාකැලේ නගරයෙන් බටහිරට වන්නට පිහිටි මෙය, කොත්මලේ ඔය ආශ්‍රයෙන් නිර්මාණය වී තිබේ. නුවරඑළිය - හැටන් මාර්ගයෙන් පැමිණෙනවා නම්, නුවරඑළියේ සිට කිලෝමීටර් 33ක් මඟ ගෙවා පැමිණිවිට මේ ඇල්ල නැරැඹිය හැකි ය.
Read more...
මෙම අම්බලම ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ නාරම්මල නගරයට ආසන්නව පිහිටා ඇත. කරගහගෙදර අම්බලම ඉතා ඈත අතීතයකට උරුමකම් කියන බවට සාක්ෂි රැසක් එහි ඇත. මෙම අම්බලමේ ඇති එක් දැව කඳක 1837 ලෙස සටහන් කර ඇත. එමනිසා මෙම අම්බලම 1837 වසරේදී හෝ එයට ‍ පෙර නිර්මාණය කර ඇති බව සිතිය හැක.
මෙම අම්බලම ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් පරිසරයක, වෙල් යායක් අසල පිහිටි ගල් තලාවක් මත් ඉදිකර ඇත.
Read more...
දඹදෙණි රාජධානියේ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා රජකම් කරන සමයේ රට මැද කැරැල්ලක් ඇතිවිය. එම කැරැල්ල මැඩපැවැත්වීම සඳහා බෝසත් විජයබා කුමරු සේනාවක් සමඟ පැමිණ කැරැල්ල මැඩ පවත්වා ආපසු යන ගමනේ දී සතුරු බළකායේ අයෙක් සැඟවී සිට නාග විෂ කැවූ ඊතලයකින් කුමරුට විදින ලදී. එහිදී සිහි මුර්ජා වී සිටි කුමරු සුව ලැබීය.

ඉන්පසු එම ස්ථානය එදා රත්මල්වැටිය ලෙස හැඳින්වූ මේ ගම පණආවැටිය නමින් හැඳින්වීය. පණආවැටිය පසුව පනාවැටිය ලෙසට ප්‍රචලිත විය.
Read more...

පෘතුගීසි වචන රාශියක් ද සිංහල වාග් මාලාවට එකතු වූ අතර කලක් ගතවන විට එම වචනය ස්වදේශික වචන බවට පත්වී සිංහල භාෂාවේ භාවිතාවන වචන බවට පත්විය. ලංකාවට පළමුවරට බටහිර ලෝකයේ සංස්කෘතිය හා ආහාරපාන ඇඳුම් පැළඳුම් හා ජීවන රටාව යනාදිය අලුතෙන්ම හඳුන්වා දෙනු ලැබුවේ පෘතුගීසීන් විසිනි .ඔවුන් මෙරටින් ආවාහ විවාහ කර ගත්හ. එ නිසා ඔවුන්ගේ බඩු භාණ්ඩ හා උපකරණ වලට අමතරව වචන රැසක් ද අපේ කෝෂයට එකතු විය.


Read more...
  අධිකරණය පිළිබඳ නීති රීති මාලාව ලංකාවට හඳුන්වා දුන්නේ ලන්දේසින් විසින් ඒ මගින් අධිකරණය හා සම්බන්ධ වචන රාශියක් ලන්දේසි භාෂාවෙන් සිංහල භාෂාවට එකතු වී ඇත ලන්දේසීන්ට පෙර පෘතුගීසින් විසින් බටහිර ලෝකයේ දේවල් හා තරමක් දුරට මෙරට වචන මෙරටට හඳුන්වා දී තිබූ නිසා ඒවා මුල සිට නැවත හඳුන්වා දීමට ලන්දේසීන් ද සිදුවූයේ නැත මෙන්ම ලංකාවේ මුහුදු බඩ කලාපය පෘතුගීසීන් තරම් කාලයක් පාලනය කලේද නැත ඒ නිසා ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ භාවිතා වන
Read more...

ශ්‍රී ලංකාවේ ගංගා මෝය සහ කලපු වෙරළ
පරිසර පද්ධතියේ පාරිසරික වැදගත්කම

ශ්‍රී ලංකාව දූපත් රටක්‌ ලෙස විවිධ වූ වෙරළ පාරිසරික පද්ධතියන්ගෙන් සමන්විත වන අතර කලපු, ගංගා මෝය, කඩොලාන, කොරල්පර, වැලි වැටි ඉන් ප්‍රධාන වේ.
මෙම වෙරළ පාරිසරික පද්ධතින්ගෙන් ගංගා මෝය හා කලපු පරිසර පද්ධතින්ට හිමි වන්නේ සුවිශේෂි ස්‌ථානයකි.


Read more...
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාවේ පිහිටි සුප්‍රකට "ගල විදපු තැන" ඔබ අනන්තවත් දැක තිබෙන්නට පුළුවනි. එමෙන්ම දශක ගණනාවක සිටම නො එසේ නම් සියවසකට අධික කාලයක සිටම ඒ තුළින් ඔබ මොබ ගමන් කරන්නටද ඇත. ගැල් කරත්ත ආදියේ පටන් නවීන මෝටර් රථයක්‌ දක්‌වාම ගල විදපු තැනින් යන්නට එන්නට ඇත.

අප රටේ පුළුල් මහා මාර්ග ඉදි කිරීමේ පුරෝගාමීන් වන්නේ යටත් විජිත පාලකයන්ය. විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකයන්ය.
Read more...

විශාලත්වයෙන් තුන්වැනි ස්‌ථානය වන්නේ ලොව වැඩිම ජනගහනයක්‌ ඇති රටද වන චීනයයි. පොදු වශයෙන් චීනය ලෙසින් හැඳින්වෙන චීන මහජන සමූහාණ්ඩුව යනු, බිලියන1.3 ට වැඩි ජනතාවක් වෙසෙන, ලොව වඩාත්ම ජනාකීර්ණ රාජ්‍යය වෙයි. නැගෙනහිර ආසියාවෙහි පිහිටි චීනය, චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරනු ලබන තනි-පක්ෂ රාජ්‍යයකි.


Read more...

විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා රට කැනඩාවයි. කැනඩාවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 93,30,000 කි.කැනඩාව උතුරු ප්‍රදේශය ඇමරිකාවෙන්ද , නැගෙනහිර දෙසින් අත්ලාන්තක් සාගරයෙන්ද සිට බටහිරින් ශාන්තිකර සාගරය සහ උතුරු දෙසට ආක්ටික් සමුද්‍රය අතර තම දේශය ගොඩනගා ඇත. එහි මුළු වර්ග ප්‍රමාණය අනුව බලන කළ ලොව පිහිටි දෙවන රටයි. ඇමෙරිකාවේ දකුණු හා වයඹට ඇති පොදු කැනඩා දේශසිමාව ලෝකයේ ඇති දිර්ඝතම එකය. කැනඩාව වාසනාව පිණිස බොහෝ ආදිවාසික ජනයා වාසභූමි කරගත්හ.


Read more...
 ලෝකයේ විශාලතම රට රුසියාවයි.  රුසියානු සමූහාණ්ඩුව උතුරු යුරෝපියාවේ පිහිටි රටකි. එය අර්ධ ජනාධිපති සමූහාණ්ඩුවක් වන අතර විෂයන් 83 ක් ඇතුළත්ය. රටේ මායිම් වයඹේ සිට ගිනිකොණ දක්වා නෝර්වේ, ෆින්ලන්තය, එස්තෝනියා, ලැට්වියා, ලිතුවේනියා, පෝලන්තය, බෙලාරුස්, යුක්රේනය, ජෝර්ජියා, අසබර්ජාන්, කසකස්තාන්, චීනය, මොන්ගෝලියාව සහ උතුරු කොරියාවට මායිම් වේ. එහි වරාය මායිම ජපානය, ඇමරිකාව සහ බෙරීන් බොක්ක දක්වා ඇත. 

17,075, 400km2 වර්ග සැතපුම් 6,592, 800 වේ.


Read more...
ජල පෝෂක ප්‍රදේශ හරහා ස්‌වභාවික එකතු වන ජලය ඒකරාශි වී අංශක 35 කට නොඅඩු ශීඝ්‍ර බෑවුම් ඔස්‌සේ වසරකට මාස 04 කට නොඅඩු කාලයක්‌ ස්‌ථාවරව ජල දහරාවක්‌ ලෙස විනාඩියකට ජලය ලීටර් 100 කට නොඅඩුව ඇදහැලේනම් එය දිය ඇල්ලකි.

ලොව උසම දියඇල්ල - වෙනිසියුලාවේ ඒන්ජල්
දකුණු ඇමෙරිකාවේ ගිණිකොණ දිග වෙනිසියුලාවේ "කරාඩි" නදියෙන් උපත ලබන ඒන්ජල් ලොව උසම දිය ඇල්ලයි. මෙහි උස අඩි 3212 කි. වෙනිසියුලානුවන් "සාල්තෝ සියුජල්" නමින් මෙම දියඇල්ල හඳුන්වති.
Read more...
ඇම්බැක්‌ක දෙවොල කතරගම දෙවියන් උදෙසා ඉදි වූයේ දාහතර හා පහළොස්‌වන සියවස්‌වලදී බවට ප්‍රකට මතයක්‌ ඇත. මෙම දේවාලය අද ලී කැටයම් නිසා ජාත්‍යන්තර ලෙසින් ප්‍රසිද්ධියට පත්ව ඇති අතර බොහෝ විදෙස්‌ සංචාරකයන් මෙහි ඇදෙන්නේ එහි ඇති අනගි ලී කැටයම් නැරඹීම පිණිසය. ඇම්බැක්‌ක දේවාලයේ ලී කැටයම්වලට නුවර යුගයේ විශේෂ අනන්‍යතාවක්‌ ඇති අතර එම කැටයම් විශාල සංඛ්‍යාවක්‌ අපේ පැරණි සම්ප්‍රදායන්ට අයත් ඒවා ලෙසින් සැලකේ.

මෙහි ඉදිකිරීම පිළිබඳ පුරාවෘත්තය ඉතා රසවත් එකකි.

Read more...
ඒ දුටුගැමුණු රජු විසින් දමිළයන් පලවාහැරීම සඳහා යුද ව්‍යාපාරය ආරම්භ කොට පළමුවෙන්ම මහියංගනය භාර එළාර රජුගේ සෙන්පතියා වූ ඡත්ත සෙනෙවියා පරාජය කොට මහියංගන බලකොටුව බිඳහෙළා එහි තිබූ ඡත්ත සෙනෙවියාගේ මාලිගයෙහි සිටි අවධියයි. දමිළයන් විසින් විනාශ කොට තිබූ "පඨමක චේතිය" ලෙස නම් ලද "මහියංගන චෛත්‍යය"අසූ රියන් කොට බැඳවීමට දුටුගැමුණු රජතුමා ආරම්භ කොට තිබුණි.
Read more...

හැබැහින් දැක නැතත් ඔබ රූපවාහිනියෙන් හෝ සිනමාවෙන් ගෑන්ඩ් කැනියොන් දැක ඇතුවාට සැක නැත ඇරිසෝනාවේ පිහිටි ග්රෑන්ඩ් කැනියොන්ලොව අග්‍ර ගනයේ ස්වභාවික විශ්මයකි. ලොව වටා ප්‍රකට වී ඇත්තේ එහි වෛවර්ණ කඳු හා ඒවායේ ඇති රාජකීය ස්වභාවය නිසාවෙනි.

ග්රෑන්ඩ් කැනියොන් ඇතිවූයේ කොලරාඩෝ නදී නිම්නයේ ඇති වූ සේදී යාම් නිසාය. වසර ලක්ෂ ගණනක් තිස්සේ ඇතිවූ මෙම සේදී යාම නිසා අද ලොවට ලොවට ග්රෑන්ඩ් කැනියොන් නැමැති අපූරු ස්වභාවික නිර්මාණය දායාද වී තිබේ.


Read more...
අනුරාධපුර යුගයේ මූර්ති කලාවේ විශේෂ ලක්ෂණයක් වූයේ බුදු පිළිම හා බෝදිසත්ව පිලිම නෙළීමයි. බුදුන් වහන්සේ ජීවමාන ස්වරූපයෙන් නෙළා ඇති බුදු පිලිම මේ ඉරියව් අනුව හිටිපිළිම හිඳි පිළිම හා සැතැපෙන පිළිම යන තුන් වර්ගය ට අයත් වේ.
Read more...
හුනු ගල් කැටයම් නෙලීම අනුරාධපුර යුගයේ ප්‍රචලිතව පැවති කලා අංගයක් විය. මේ යුගයට යත් පැරණිතම කැටයම් ලැබී ඇත්තේ මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ වාහල්කඩ වලිනි. හුනු ගල් පුවරුවල කුළුණුවල මේ කැටයම් නෙළා මෙම වාහල්කඩ වලට සම්බන්ධ කර ඇත. මේ කැටයම් වල සිංහයා මොනර යන සතුන්ගේ රූප ද පුන්කලස ද නිරූපණය කර ඇත. කළු ගලින් නෙලන ලද කැටයම් ද අනුරාධපුර යුගයට අයත් ගොඩනැගිලි වලින් සොයාගෙන ඇත.
Read more...

ලංකාව දුපතක් නිසාත් උප මහද්වීපයට ආසන්නයේ පිහිටා ඇති නිසාත් බොහොමයක් හොදින් නිධි සාදිත භූ රූප දැක ගන්න වැඩි අවස්ථාවක් ලැබිලා තියෙනවා. තරංග ඛාදනයේදි හා නිධි සාදනයේදි ලංකාවේ දකුණු කොටස ප්‍රසිද්ධ වෙන්නේ බොහොදුරට ඛාදිත භුරූප සදහා වගේම වයඹ දිග කොටස වඩාත් ප්‍රසිද්ධ වෙන්නේ නිධිසාදිත භූ රූප වලටයි. දකුණෙන් රට ගෙවෙනවා වගේම පුත්තලම වගේ පැති වලින් රට නිර්මාණය වෙන්නේ ඒකයි.
Read more...
ශ්‍රී ජයවර්ධනපුරය නැතහොත් සෙංකඩගල ආරම්භ රජ ලෙස හැඳින්වෙන්නේ ක්‍රිස්තු වර්ෂ (1469 - 1511)  දී රජ කළ සේනාසම්මත වික්‍රමබාහු ය. එතැන් සිට ක්‍රිස්තු වර්ෂ 1815දී රජ කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ගේ ග්‍රහණයට හසු වන තුරුම අනුක්‍රමණයෙන් පාලකයින් දහතුන් දෙනකු මෙහි පාලනය හෙබ වූ බව ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළි වෙයි. එසේ නමුදු සෙංකඩගලපුරය නැතහොත් ශ්‍රී ජයවර්ධනපුර පිහිටුවන ලද්දේ සේනාසම්මත වික්‍රමබාහු නෙවේ.
Read more...
කාලගුණ තොරතුරු මහජනයාගේ එදිනෙදා කටයුතු වලට බලපානවා සේම රටක ආර්ථිකය කෙරෙහි ද බලපෑම් ඇති කරයි. එබැවින් හැම රටකම පාහේ කාලගුණය පිළිබඳ තොරතුරු රැස් කරන තොරතුරු ලබා දෙන මධ්‍යස්ථාන පවත්වාගෙන යයි. ශ්‍රි ලංකාවෙ පවත්වා ගෙන යන එවැනි ආයතනයක කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවයි. නවීන උපකරණ මගින් වඩාත් නිවැරදි තොරතුරු ලබා දීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීම යි.
Read more...
නිශ්ශංක අලගක්කෝනාර විසින් ආරක්ෂක බලකොටුවක් වශයෙන් හා සටන් මධ්‍යස්ථානයක් වශයෙන් ආරම්භ කළ කෝට්ටේ නගරය ලංකාවේ සිංහල රාජ්‍යයේ අගනුවර බවට පත්වූයේ 1415 දී පමණය.
Read more...
ගම්පොළ රාජධානිය කරගත් ප්‍රථම පාලකයා වූයේ පස්වැනි විජයබාහු රජුගේ පුත්‍රයා වූ හතරවෙනි බුවනෙකබාහු රජතුමාය. (1341 – 1352) ඉබන් බතුනා (1344) නම් සුප්‍රකට අරාබි විදේශ සංචාරකයන් ලංකාවට පැමිණියේ මේ රජුගේ කාලයේදීය. ඉබන් බතුනා ගමන් විස්තරයට අනුව මෙකල යාපනය ප්‍රදේශය ආර්ය චක්‍රවර්ති පෙළපත රජ කෙනෙකු යටතේ පාලනය විය. ලංකාවේ බටහිර වෙරළ හලාවත දක්වා මුහුදු බඩ අල්ලා ගෙන බලහත්කාරයෙන් මුතු කිමිදීම කර ගෙන ගියේය.
Read more...
තම රාජ්‍යයේ අගනුවර වශයෙන් තෝරා ගත් ප්‍රථම පාලකයා වූයේ 1 වෙනි බුවනෙකබාහු රජුගේ පුත් දෙවන බුවනෙකබාහු රජු ගේ රාජ්‍ය කාලය තරමක් සාමකාමි ඉන් පසු ඔහුගේ පුත් හතරවන පරාක්‍රමබාහු (1302 – 1326) රජ පැමිණියේ ය. මේ රාජ්‍ය කාලයේ දී බුද්ධ ශාසනයේ දියුණුව සිංහල සාහිත්‍යයේ දියුණුවට විශාල සේවාවක් විය. රජුගේ පාලනය නිසා ඔහු පණ්ඩිත පරාක්‍රමබාහු නමින් ද හඳුන්වනු ලැබීය.
Read more...
 බුවනෙකබාහු රජුගේ රාජ්‍ය කාලය අවසානයේ ලංකාව ආක්‍රමණය කළ පාණ්ඩ්‍ය අධිරාජ්‍ය කෙනෙකු ආර්ය චක්‍රවර්ති දඹදෙණි රාජ්‍ය බලකොටුවක් වශයෙන් පැවති බවට පහරදී දන්තධාතූන් හා තවත් වස්තුව පාණ්ඩ්‍ය රටට ගෙන ගියේය. විදේශ ආක්‍රමණ නිසාත් අභ්‍යන්තර වන්නි පාලකයින් වැනි සතුරන් ගෙන් එල්ල වූ තර්ජන නිසා එක බුවනෙකබාහු රජු දඹදෙණිය අතහැර තම අගනුවර වශයෙන් යාපහුව තෝරාගත්තේය.
Read more...
තුන්වැනි විජයබාහු රජතුමා (1232-1236) 

කාලිංග මාඝ පොලොන්නරුවේ වාසය කරමින් ලංකාවේ උතුරු ප්‍රදේශය පාලනය කළ කාලයේ සිංහල නායකයෝ කිහිප දෙනෙක් රට මැද කඳුකරය, රුහුන වැනි ප්‍රදේශවල කුඩා ප්‍රාදේශීය රාජ්‍ය පිහිටුවා ගෙන සිටියහ. මොවුන් අතර කැපී පෙනෙන අයකු වූයේ වන්නි නායකයකු වශයෙන් කටයුතු කළ වත්හිමි විජයබාහු හෙවත් තුන් වන විජයබාහු නමින් හැඳින්වූ කුමාරයෙකි.


Read more...
දකුණු ලකේ අගනගරය ලෙස ගාල්ල හැදින්වියහැක.මෙහි වැදගත් ස්ථානයක් වන්නේ ගාලු කොටු පවුරයි.ගාලු කොටුව යනු ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි.
Read more...

ඇඹිලිපිටිය හා හම්බන්තොට නගරයන්ට මැදිව සූරියවැව නගරයට ආසන්නයේ පිහිටා ඇති සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් ලෙස මදුනාගල උණු දිය උල්පත් හැදින්විය හැකිය. ඇඹිලිපිටිය සිට පදලංගල හරහා සූරියවැව මාර්ගයේ හතරමං හංදිය නමින් හැදින්වෙන ස්ථානයෙන් හැරී කි.මී. 4 ක් පමණ ගමන් කල විට මෙම උණු දිය උල්පත් වෙත ලගාවිය හැකිය.
Read more...


දකුණු පළාතේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති ඓතිහාසික සහ පූජනීය ස්‌ථානයක්‌ වූ සිතුල්පව්ව සිල්වත් භික්‍ෂූන් වහන්සේගේ මෙන්ම රහතන් වහන්සේගේත් පරිභෝජනයට ලක්‌ වූ පුණ්‍ය භූමියක්‌ව පැවතිණි. මේ ශුද්ධ භූමිය තිස්‌සමහාරාමයටත්, කතරගම් නුවරටත් අතර කටගමුව ගම් සමීපයෙහි පිහිටා ඇත. කතරගම වන්දනාවේ යන බැතිමතුන්ට තිස්‌සමහාරාම නගරයේ සිට කිරින්ද පාරේ යෝධකණ්‌ඩිය වැව පසු කළ විට වම්පසින් පාරක්‌ හමුවේ. මෙම පාරෙහි කිලෝමීටර් 25 ක්‌ පමණ ගිය තැන සිතුල්පව්ව පින්බිම හමුවේ.


Read more...