Search

Counter

Share Us



දකුණු ලකේ අගනගරය ලෙස ගාල්ල හැදින්වියහැක.මෙහි වැදගත් ස්ථානයක් වන්නේ ගාලු කොටු පවුරයි.ගාලු කොටුව යනු ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි.
Read more...

ඇඹිලිපිටිය හා හම්බන්තොට නගරයන්ට මැදිව සූරියවැව නගරයට ආසන්නයේ පිහිටා ඇති සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් ලෙස මදුනාගල උණු දිය උල්පත් හැදින්විය හැකිය. ඇඹිලිපිටිය සිට පදලංගල හරහා සූරියවැව මාර්ගයේ හතරමං හංදිය නමින් හැදින්වෙන ස්ථානයෙන් හැරී කි.මී. 4 ක් පමණ ගමන් කල විට මෙම උණු දිය උල්පත් වෙත ලගාවිය හැකිය.
Read more...


දකුණු පළාතේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති ඓතිහාසික සහ පූජනීය ස්‌ථානයක්‌ වූ සිතුල්පව්ව සිල්වත් භික්‍ෂූන් වහන්සේගේ මෙන්ම රහතන් වහන්සේගේත් පරිභෝජනයට ලක්‌ වූ පුණ්‍ය භූමියක්‌ව පැවතිණි. මේ ශුද්ධ භූමිය තිස්‌සමහාරාමයටත්, කතරගම් නුවරටත් අතර කටගමුව ගම් සමීපයෙහි පිහිටා ඇත. කතරගම වන්දනාවේ යන බැතිමතුන්ට තිස්‌සමහාරාම නගරයේ සිට කිරින්ද පාරේ යෝධකණ්‌ඩිය වැව පසු කළ විට වම්පසින් පාරක්‌ හමුවේ. මෙම පාරෙහි කිලෝමීටර් 25 ක්‌ පමණ ගිය තැන සිතුල්පව්ව පින්බිම හමුවේ.


Read more...

රත්න ඇල්ල නවරත්න ඇල්ල ලෙසද හඳුන්වයි. අඩි 335 හෙවත් මීටර් එකසිය එකක් උසකින් යුත් රත්න ඇල්ල මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි උසින් වැඩිම දිය ඇල්ලයි. මෙය පිහිටා ඇති ස්ථානයට හසලක සිට නැඳුන්ගමුව පාරේ ඇවිත් එකේ ඇළ හඳියෙන් හැරී ගමන් කළ යුතුයි.හසලක නගරයේ සිට ඇති දුර කි.මී. 7ක් පමණ වේ.මෙය ලංකාවේ උසම දියඇලි අතරින් 10 වන ස්ථානය ලබා  ගනී.රාවනා රජතුමා විසින් සීතා දේවිය සඟවා ගෙන සිටි බව ද පැවසේ.


Read more...

ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාරයන් සියල්ලකම පාහේ මෙන්ම ලංකාවෙහිද ජනාවාස ආරම්භයත් සමග ජලය යන්න වැදගත් අවශ්‍යතාවක් වූයෙන්, ජලාශ්‍රිතව එම ශිෂ්ටාචාර බිහි විය. විශේෂයෙන් ලංකාවේ සිදුවූ මුල්ම ආර්යය සංක්‍රමණය වන විජයගේ සංක්‍රමණයේ සිට සෑම සංක්‍රමණිකයෙක්ම තම ජනාවාස බිහිකරගත්තේ ගංඟා නිම්න ආශ්‍රිතවය.


Read more...

එක් පසෙකින් මුහුදේ දර්ශනීය චිත්‍රයද මුහුදු සුලං පහසඳ විඳිමින් දැකබලා ගත හැකි දර්ශණීය වෙරළබඩ ස්ථානයකි තිස්ස කිරින්ද විහාරය. මේ ස්ථානය ආසන්නයේ විහාරමහා දේවිය ගොඩබහින්නට ඇති බව පුරා වෘත්තයන්හි සඳහන් වේ. හුණුගල් සහ ගල් පිහිටි පසුබිමේ විශාල කලු ගලක පිහිටි මෙම තිස්ස කිරින්ද විහාරය විහාරයක ඇති සිසිලසද වෙරලබඩ පරිසරයක ඇති ඝෝෂාවද සපිරි කදිම සංචාරක ස්ථානයකි.


Read more...
බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වැවේ තැන්න ග්‍රාම නිලධාරී කොට්ඨාශයට අයත් ඉටි තම්පලාවල ගමේ මේ අලංකාර දූල් ඇල්ල දිය ඇල්ල පිහිටා තිබෙනවා දිය ඇල්ල කරා ගමන් කිරීමට නම් බදුල්ලේ සිට මීගහකිව්ල පිටමාරුව මාර්ගයේ ගමන්කොට බෝවතැන්න ප්‍රදේශයෙන් කිලෝමීටර හයක් පමණ වැවේ තැන්න පාසල පසු කරමින් ගමන් කළ යුතු වනවා මෙහිදී දිය ඇල්ල අසලටම වාහනයකින් ගමන් කිරීමේ පහසුකම් නොමැති අතර කිලෝමීටර් තුනක පමණ දුරක් පයින් ගමන් කළ යුතු වනවා
මීටර් 125

Read more...
ශ්‍රී ලංකාවේ උසින් පස්වැනි තැන ගන්නා දිය ඇල්ල ලෙස සඳහන් වන්නේ ඕලු ඇල්ලයි .මෙය උසින් මීටර් 127 ක් පමණ වේ ඕලු ඇල්ලපිහිටා ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයේය.සංචාරකයින් අතර එතරම් ප්‍රසිද්ධ දිය ඇල්ලක් නොවුනද කොළඹට ආසන්න දිය ඇල්ලක් ලෙස ඕලු ඇල්ල තාමත් ජනප්‍රියයි. 

යටියන්තොටින් මලල්පොල හරහා සීපොන් වලට  තියෙන පාරේ 16වන කිලෝමීටර කණුව අසළ ඕලු ඇල්ල දැකගත හැකියි.


Read more...
සෑම අවුරුද්දකම ඔක්තෝබර් මාසයේ හෝ නොවැම්බර් මාසයේ නැතහොත් සිංහල ක්‍රමයට වප් මාසයේද දෙමළ ක්‍රමයට අයිපසි යනුවෙන් හඳුන්වනු ලබන මාසයේ ‘දීපාවලි’ උත්සවය යෙදේ. ‘දීපාවලි’ යන්නට තේරුමක් ඇත. ‘දීප’ යන්නෙන් ‘ආලෝක’ නොහොත් ‘එළිය’ යන අර්ථයද ‘ආවලී’ යන්නෙන් පේළිය හෝ පෙළ යන අර්ථය දේ. දීපාවලි යන්න ආලෝක පේළිය හෝ ‘එළිය පෙළ’ ලෙසද හැඳින්වේ.
Read more...

අතීතයේදී ඌව පළාතේ සිටි මානාභරණ නැමති යුව රජවරයෙකු සහ ඔහුගේ බිසෝවරුන් විසින් දිය නෑම සදහා භාවිතා කළේ යයි සැලකෙන ඌවපරණගම මානා ඇල්ල පසුගිය මාස කීපයේ පැවති දැඩි නියගය නිසා සම්පූර්ණයෙන්ම දිය සිදී ගිය අතර මේ වන විට නැවතත් වර්ෂාව ආරම්භවීමත් සමග ජලය පිරී ගොස් ඉතාමත්ම සුන්දර ලෙස කඩා හැළීමට පටන් ගෙන තිබේ.


Read more...

වසර 13 ක් පුරා සෙනසුරු ග්‍රහයා ඇසුරේ කාලය ගෙවූ ජාත්‍යන්තර කැසිනි අභ්‍යවකාශ යානය මේ සතියේ සිය මෙහෙවර අවසන් කළේ සියදිවි නසාගනිමිනි. සෙනසුරුගේ විශාල චන්ද්‍රයකු වන ටයිටන් ඔස්සේ සඳුදා කිලෝමීටර 120,000 ක් පියාසර කළ කැසිනි යානය සෙනසුරු ග්‍රහයා මත ගැටීමට අවශ්‍ය ගමන් මඟ සකසා ගනු ලැබිණි.

ඒ අනුව, සිකුරාදා (සැප්තැම්බර් 15) සෙනසුරුගේ ගැටීමෙන් කැසිනිගේ අවසන් ගමන සිදු විය. සෙනසුරු වෙත ඇදීයන ගමනේ දී කැසිනි කැබලිවලට බිඳී විසිරේ.

Read more...

දූවිලි ඇල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ හා මොණරාගල දිස්ත්‍රික්ක‍යේ මායිමට ආසන්නව පිහිටා ඇති දූවිලි ඇල්ල නම් මනරම් දිය ඇල්ල රත්නපුර දිස්ත්‍රික්කයට අයත්වේ.මෙය අඩි 148 ක් උසින් යුක්ත වන අතර ඒ අසලම අඩි 25 ක් පමණ උසින් යුක්ත තවත් චමත්කාර දිය ඇල්ලක් දැක ගත හැක.

මෙම ස්ථානයට තණමල්විල නගරයේ සිට වේලිඔය මාර්ගයේ කි.මී.40 ක් දුරින්ද බලන්ගොඩ නගරයේ සිට කල්තොට මාර්ගයේ කි.මී.34 ක් එපිටින්ද පිහිටා ඇත.


Read more...
සමුද්‍රාධිපත්‍යය ලැබූ අපරදිග පාලකයන්ගේ අධිරාජ්‍යවාදී විජිත ග්‍රහණයේ ප්‍රතිඵලයක්‌ ලෙසින් ශ්‍රී ලංකාව බටහිර අධිරාජ්‍යවාදයේ ගොදුරක්‌ විය. එය භෞතික වූ සාධකයකි.

ඉංග්‍රීසි පාලනය මුහුදුබඩ ප්‍රදේශවල ව්‍යාප්ත වීමෙන් පසු ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණ ද උඩරටට එල්ල වී මාතෘ භූමියම ඔවුන්ගේ ග්‍රහණයට නතු විය. 1818 විමුක්‌ති අරගලය කැරැල්ලක්‌ ලෙසින් අර්ථකථනය කිරීම සාවද්‍ය වුවකි. එය සැබෑ විමුක්‌ති අරගලයකි.

Read more...
රාමායණයට අනුව රාවණා රජු සිතා දේවිය පැහැරගෙන විත් රාවණා ඇල්ල අසල ගල් ගුහාවක රඳවා ගෙන සිටි බව පැවසේ. අද රාවණා ගුහාව ලෙසින් හඳුන්වන මෙම ගල් ගුහාව ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇල්ල නගරයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටා ඇත. ඒ අසල පිහිටා ඇති ඉපැරණි රාවණා විහාරය වළගම්බා රජතුමා විසින් කරවන ලද්දක් බව ද පැවසේ.
Read more...

     ලවණ ජලයෙන් සමන්විත විශාල ප්‍රදේශය සාගර ලෙස ද ලවණ ජලයෙන් සමන්විත කුඩා ප්‍රදේශ මුහුදු ලෙස ද හැඳින්විය හැකිය. මුළු පොළෝ තලයෙන් සියයට 71 ක් ජලයෙන් වැසී පවතී. මෙම ජල ප්‍රදේශ අතර ප්‍රධාන වනුයේ සාගරයි. විශාලතම සාගරය වන පැසිපික් සාගරය මුළු පොළෝ තලයෙන් බාගයක් පමණ වන ප්‍රදේශයක පැතිර පවති. සියළුම සාගර ද ගොඩ බිම මෙන් ම විවිධ වූ භූ විෂමතා ලක්ෂණ වලින් සමන්විත වේ.
Read more...

පාලමක් සකස් කරන්නේ කාලයක් පවතින්න. ඒ වගේම පාලමක් ගොඩක් ශක්තිමත් ව සකස් කරනවා. ඔබ දන්නවද කිසිදු ඇණයක්  භාවිතා නොකොට සකස් කරන ලද පාලමක් පිළිබඳ?  අපි මේ කතා කරන්න යන්නෙ බෝගොඩ ලී පාලම පිළිබඳවයි. ලී වහලයක් සහිත ව ඉදි කරන ලද එමෙන්ම ඇණ භාවිතයෙන් තොරව ශක්තිමත්ව නිර්මාණය කරන ලද ලෝකයේ පැරණිතම ලී පාලම විදියට බෝගොඩ පාලම සැලකෙනවා.

බෝ ගොඩ පාලම පිහිටා ඇත්තේ බදුල්ල දිස්ක්‍රික්කයේ හාලිඇල  ප්‍රදේශයේ කැටවල ආසන්නවයි.


Read more...

පහළ ඌවේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය මැතිවරණ කොට්ඨාශය ආසන්නයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඔක්කම්පිටිය ග්‍රාමයෙහි පුරාණ රජමහා විහාරය පිහිට ත එහි ඓතිහාසිකත්වය ක්‍රිස්තු පූර්ව 2 - 3 සියවස තරම් ඈත අතීතයට දිව යයි. මේ විහාරස්ථානය මහානාග ,කාවන්තිස්ස, දුටුගැමුණු ,සද්ධාතිස්ස වැනි රජවරුන්ගේ පාද ස්පර්ශය ලැබූ පින් බිමකි. එසේ වුවද කාලයාගේ ඇවෑමෙන් වරින්වර එල්ල වූ සතුරු උවදුරු නිසා මේ ස්ථානය විනාශ මුඛයට පත් විය.


Read more...

lovers leap දියඇල්ල නුවරඑළිය නගරය ආසන්නයේ පිහිටා ඇති අලංකාර දිය ඇල්ලකි. එය ප්‍රමාණයෙන් විශාල දියඇල්ලක් නොවුවද ඉතා රමණීය දිය ඇල්ලකි. අප්‍රේල් මාසයේදී දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ නෙත් සිත් වසඟ කල දිය ඇල්ලක් බවට ලවර්ස් ලීප් ඇල්ල පත්ව තිබේ. නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරින් මෙම දියඇල්ල පිහිටා ඇත. ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 200 ක 250ක පමණ ඉහළට පඩිපෙළක් මතින් ගමන් කිරීමෙන් දිය ඇල්ල අසලටම පිවිසිය හැක.


Read more...

Like Us On Facebook

Ancient Places

See More .....

Ancient Stupas

  • Ruwanweli Maha Seya
  • Jetawana Stupa
  • Mirasawetiya Stupa
  • Abayagiriya Stupa
  • Mahiyanganaya Stupa
  • Muthiyangana Stupa
  • Kelaniya Stupa
  • Tissamaharamaya Stupa
  • Somawatiya Stupa

See More.....

Ancient Cities